ගුවන් හමුදා ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව හැදෑරූ නිළධාරීන් නිළධාරිනියන් විසිර යයි
9:03am on Wednesday 22nd January 2014
අංක 63 ඉඳුරාම බඳවාගත් ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය නිළධාරීන් සහ නිළධාරිනියන් පසුගිය ජනවාරි මස 13 වන දින දියතලාව සටන් පහුනණු පාසලේදී විසිර යන ලදී.

මෙම පාඨමාලාව ශිෂ්‍ය නිළධාරී නිළධාරිනියන් 10 කුගෙන් සමන්විත වූ අතර ගුවන් ධාවන පථ ඉදිකිරීම්, වෛද්‍ය, පරිපාලන/නෛතික හා පරිපාලන/තූර්ය වාදක යන වෘත්තීන් සඳහා පයිලට් ඔෆිසර්, ෆ්ලයින් ඔෆිසර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් යන නිළයන්හි සුදුසුකම් මත පිහිටුවන ලදී.

ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සති අටක කාලයක් මුළුල්ලේ සරඹ, අවි පුහුණුව, ක්ෂේත‍්‍ර පුහුණුව, යුධ උපක‍්‍රම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදා සංවිධාන සහ පරිපාලන යන ක්ෂේත‍්‍ර යටතේ පුහුණුවීම් සිදු කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි