වවුනියා සර්කිට් මීට් - 2014
9:13am on Wednesday 22nd January 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා යතරුපැදි ධාවකයින්ගේ සංගමය සමග එක්ව ප‍්‍රථම වරට සංවිධානය කරනු ලබන ”වව්නියා සර්කිට් මීට් - 2014” මෝටර් රථ තරඟාවළිය අද (2014 ජනවාරි මස 19* වව්නියාව ගුවන් හමුදා කඳවුරු ධාවන පථයේදී පැවැත්විණි. වව්නියා දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම වතාවට මෙවැනි තරඟාවලියක් පැවැත්වෙන අතර තෛපොන්ගල් උත්සවයට සමගාමීව මෙම තරඟාවළිය සංවිධානය කරනු ලබයි.

”වව්නියා සර්කිට් මීට් - 2014” තරඟාවළියේ යතුරුපැදි, මෝටර් රථ, පාපැදි, කාන්තා ස්කූටර් සහ ත‍්‍රී රෝද රථ තරඟ වලින් සමන්විත විය. මොටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟය සඳහා වව්නියාව ගුවන් ධාවන පථය උපයෝගී කරගනු ලැබූ අතර ඒ සඳහා දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින් සහභාගී වූහ. එසේම පා පැදි, කාන්තා ස්කූටර් හා ත‍්‍රී රෝද රථ තරඟ සඳහා වව්නියාව, මුලතිව් කිලිනොච්චි ප‍්‍රදේශයන්හි තරුණ තරුණියන් සහභාගී විය.
”වව්නියා සර්කිට් මීට් - 2014” මෝටර් රථ තරඟාවලිය උතුරු පලාත් ජනතාවට අලූත් අත්දැකීමක් සහ ඔවුනගේ අන්න්‍යොන්‍ය සහයෝගීතාවය වර්ධනය සඳහා මහත් රුකුලක් විය.

ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ සභාපති ගුවන් කොමදෝරු ජේ එස් අයි විජේමාන්න, වව්නියා මූලික කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  ඕ කේ වනිගසූරිය, ගුවන් හමුදා වව්නියා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Click here for Results


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි