ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවළියේ ගුවන් හමුදාව දෙවන ජය ලබයි
10:37am on Thursday 30th January 2014
ගුවන් හමුදා රගර් කණ්ඩායම ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවළියේ තම දෙවන ජයග‍්‍රහණය ලබා ගැනීමට පසුගිය ජනවාරි මස 26 වන දින සමත්කම් දක්වන ලදි. එහිදී 34-25 ක් ලෙස හම්බන්තොට ශාර්ක් කණ්ඩායම පරාජයට පත් කිරීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකිවිණි. ”ඒ” කොටසේ තරඟයක් ලෙස පැවති මෙම තරඟය රත්මලාන ගුවන් හමුදා රග්බි ක‍්‍රීඩාංගනයේදී පවත්වනු ලැබිණි.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් සැරයන් ප‍්‍රදීප් කුරුකුලසූරිය, නායක ගුවන් භට නුවන් පෙරේරා, නායක ගුවන් භට චරිත් සෙනෙවිරත්න, ගුවන් භට ධනුෂ්ක හපුආරච්චි, නායක ගුවන් භට අසන්ක පෙරේරා උත්සාක දිනුම් හතරක් සහ පරිවර්තක දිනුම් සහ දඬුවම් පහර දෙකක් ලබා ගන්නා ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි