උගන්ඩා ආරක්‍ෂක ඇමති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
10:39am on Thursday 30th January 2014
උගන්ඩා ජනරජයේ ආරක්‍ෂක අමාත්‍ය විශ‍්‍රාමික ජෙනරාල් ඔඩොන්ගෝ ජෙජේ මහතා ඇතුළු සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පසුගිය ජනවාරි 28 වනදා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක ඇමති ප‍්‍රමුඛ උගන්ඩා ජනරජයේ නිළධාරීන් පිරිස ගුවන් හමුදා මූලස්ථානයේදී පිළිගනු ලැබුවේ ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් මාර්ෂල් ජීපී බුලත්සිංහල විසිනි. ඉන් අනතුරුව ඔවුහු ගුවන් හමුදාධිපතිතුමන් සමග දෙරටේ ආරක්‍ෂක කටයුතු, සාමාන්‍ය ගැටළු හා හමුදා අංශයන් සම්බන්ධව ද්විපාර්ශවික සාකච්ඡුාවක් පවත්වන ලදි.

උගන්ඩා ආරක්‍ෂක ඇති ඔන්ඩොගෝ ජෙජේ සහ ගුවන් හමුදාධිපතිතුමන් සමරු ඵලක හුවමාරුවක්ද සිදුකරන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි