මුතුරාජවෙල ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා
11:00am on Thursday 30th January 2014
මුතුරාජවෙල, පුබුදුගම ප‍්‍රදේශයේ පසුගිය ජනවාරි 27 වන දින ඇති වූ ගින්න නිවීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදා ගන්නා ලදී. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 04 බලඝණයට අයත් මෙම හෙලිකොප්ටර් යානාව 27 පස්වරු 1.45 ට පමණ ගින්න නිවීම සඳහා පිටත්ව යන ලදී.

මෙම ගින්න නිවීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානාවට සවිකරන ලද ”බම්බි බකට්” නම් උපකරණය යොදා ගන්නා ලද අතර ඒ සඳහා ජලය ලබා ගැනීම මුතුරාජවෙල ස්වභාවික ජලාශය උපයෝගී කරගන්නා ලදී. මෙසේ ගින්න නිවීම සඳහා 34 වතාවක් ජලය දැමීම සිදු කරන ලදී.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි