ආරක්‍ෂක ලේකම් තුමන් දැයට කිරුල ගුවන් හමුදා ප‍්‍රදර්ශන කුටි නරඹයි
4:43pm on Tuesday 4th March 2014
ගරු ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය පෙබරවාරි මස 27 සවස 2014 දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයේ ගුවන් හමුදා ප‍්‍රදර්ශන කුටි නැරඹීමේ සංචාරයක නිරත විය. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ආරක්‍ෂක ලේකම්තුමන් පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි විසින් ආරක්‍ෂක ලේකම් තුමන් ගුවන් හමුදා කුටි වෙත රැගෙන යන ලදී. එයාර් කොමඩෝර් ටී ජී ජේ අමරසේන, එයාර් කොමඩෝර් ඒ එච් විජේසිරි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි