පලාලි ගුවන් හමුදා කඳවුරේ, ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය
12:00pm on Tuesday 11th March 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පලාලි කඳවුරේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය මාර්තු මස 7 වන දින පවත්වන ලදී.

පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජී එච් පී නානායක්කාර විසින් ගුවන් හමුදාධිපති තුමන් පිළිගනු ලැබූ අතර ෆ්ලයිං ඔෆිසර් ජී පී අමරසිරි විසින් ගුවන් හමුදාධිපතිතුමන් අචාර දක්වන ලද මාර්ග පෙළ ඛණ්ඩයට අණ ලබා දෙන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය අතරතුර අළුතින් ඉදිකරන ලද අඹ ව්‍යාපෘතිය විවෘත කිරීම සිදු කරන ලදි. නායක ගුවන් භට සේපාල ජී එස් සී පී හට ගුවන් හමුදාධිපති සම්මාන ලබා දීමද සිදු කරන ලදි. පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳුවරු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහතුන් අමතන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි