ගුවන් හමුදාව රුපවහිනි අවුරුදු උදානය වර්ණවත් කරයි.
7:38pm on Thursday 15th April 2010
එකමුතු ශ්‍රි ලංකාවක පවත්වන පළමු අවුරුදු උත්සවය (රුපවහිනි අවුරුදු උදානය) වීරකැටිය රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී උත්කර්ශවත් ලෙස පැවත්විනි.

මෙයට ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග ඉසව් වලට ඒක්වි දස්කම් දක්වන ලදි.

ගුවන් හමුදා කඹ ඇදිමේ කණ්ඩායම ප්‍රබල යුධ හමුදා කණ්ඩායම පහසුවෙන් පරාජය කරමින් එම ඉසව්වේ ශුරයන් විම කැපි පෙනේන ඉසව්වක් විය.මීට අමතරව ඩබ්ලිව්.කේ.එල්.ඒ නිමාලි කන්තා කිලොමිටර් 10 මැරතන් තරගයෙන් ප්‍රථම ස්ථානයට පත්වුණු අතර බුද්ධික වර්ණකුලසුරිය කිලොමිටර් 146වු පාපැදි තරගයෙන් තෙවන ස්ථානයට පත්විණි.

තරග කිපයක ප්‍රතිඵල

කඹ ඇදිම
ශුරතාවය ශ්‍රි ලංකා ගුවන් හමුදාව

කිලොමිටර් 10 මැරතන් තරගය කාන්තා
ප්‍රථම ස්ථානය ඩබ්. කේ. එල්. ඒ නිමාලි (ගුවන් හමුදාව )
දෙවන ස්ථානය එච්.කේ ඉරේෂා
තුන්වන ස්ථානය ඒ. ජි. ශශිකලා

කිලොමීටර් 146 පිරිමි බයිසිකල් තරගය
ප්‍රථම ස්ථානය අසංක ප්‍රදිප් (යුධ හමුදාව )
දෙවන ස්ථානය සමිර චතුරංග (කතරගම ක්‍රිඩා සමාජය )
තුන්වන ස්ථානය බුද්ධික වර්ණකුලසුරිය (ගුවන් හමුදාව )
හතරවන ස්ථානය බී. ජි. කේ.කරුණාරත්න (යුධ හමුදාව )
පස්වන ස්ථානය තුසිත දිනේෂ් (නාවික හමුදාව )



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි