බණ්ඩාරවෙල පියරපන්දොව කණ්ෂ්ඨ විද්‍යාලයේ බක්මහ උළෙල
5:14pm on Monday 7th April 2014
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම මත ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල් කඳවුරු සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද බණ්ඩාරවෙල පියරපන්දොව කණිෂ්ඨ විද්‍යාලයේ බක්මහ උළෙල පසුගියදා පවත්වන ලදී.

මෙහිදී විද්‍යාලය වෙනුවෙන් පාසැල් උපකරණ ක‍්‍රිඩා භාණ්ඩ පොත් පත් ඇතුළු භාණ්ඩ රැුසක් පරිත්‍යාග කරන ලදී. සාම්ප‍්‍රදායික ක‍්‍රිඩා තරඟ රාශියක් පවත්වන ලද අතර ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වෙනුවෙන් ත්‍යාග ප‍්‍රදානය කරන ලදි.

දියතලාව කඳවුරු අණදෙන නිළධාරීතුමන් ඇතුළු නිළධාරින් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය මණ්ඩලය සිසු දරු දැරියන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි