පාකිස්තානු ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානීන්ගේ කමිටු සභාපති ජෙනරාල් රෂාඞ් මහමුද් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
2:39pm on Friday 11th April 2014
පස්දින නිල සංචාරයක නිරත වන පකිස්ථානු මාණ්ඩලික ප‍්‍රධානීන්ගේ කමිටු සභාපති ජෙනරාල් රෂාඞ් මහමුද් 2014 අපේ‍්‍රල් මස 9 වන දින උදෑසන ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවිය.

ගුවන් හමුදා මූලස්ථානයේදී ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානීන්ගේ කමිටු සභාපතිතුමන් පිළිගැනීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන් විසින් සිදුකරන ලදී. ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් එතුමන් වෙත උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් හා පාකිස්ථානු ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානීන්ගේ කමිටු සභාපතිතුමන් දෙරට අතර ආරෂක්‍ක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡුාවක් පවත්වන ලදී. එසේම සමරු ඵලක හුවමාරු කර ගැනීමක්ද සිදුවිය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි