චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ භටයින් ත‍්‍රිකුණාමලය ප‍්‍රීමා පුද්ගලික සමාගමේ ගින්න නිවා දමයි
2:40pm on Friday 11th April 2014
ත‍්‍රිකුණාමලය, චීන වරාය ශ‍්‍රී ලංකා ප‍්‍රීමා පුද්ගලික සමාගමේ අද උදෑසන ඇතිවූ හදිසි ගින්න මැඩපැවැත්වීම චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ භටයින් විසින් සිදුකරන ලදී. චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් ගමන් පාලන කුළුනේ රාජකාරී නියුතු ගුවන් භටයා විසින් ගිනි නිවීමේ එකකයට දැනුම් දීමෙන් අනතුරුව ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් කි‍්‍රයාත්මක වන ලදී.

ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් විසින් මෙම ගින්න ඉතා ඉක්මනින් මැඩපවත්වන ලද අතර මෙම ගින්න ප‍්‍රීමා පුද්ගලික සමාගම් භූමියේ පිහිටා ඇති නවලෝක ඉදිකිරීම් ආයතනයේ ගබඩාවක ඇති වී ඇත. කෙසේ වුවද මෙම ගින්න හේතුවෙන් ආයතන දෙකටම විශාල අලාභ හානියක් සිදුවීම වලක්වන ලදි.

නාවික හමුදා ගිනි නිවීමේ භටයින්ද මෙම ගින්න නිවීම සඳහා සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි