ගුවන් හමුදා මාර්බල් බීච් නිවාඩු නිකේතනය සිංහල සහ හිංදු අළුත් අවුරුද්ද සම්ප‍්‍රදායික ලෙස සමරයි
11:40am on Thursday 24th April 2014
මාර්බල් බීච් ගුවන් හමුදා නිවාඩු නිකේතනය මගින් මෙවර සිංහල සහ හිංදු අළුත් අවුරුද්ද සමරමින් අළුත් අවුරුදු උත්සවයක් සම්ප‍්‍රදායික ලෙස පවත්වන ලදී. 2014 අපේ‍්‍රල් මස 16 වෙනි දින පවත්වනු ලැබූ මෙම අළුත් අවුරුදු උත්සවය එදින මාර්බල් බීච් නිවාඩු නිකේතනය වෙත පැමිණි සියල්ලන්ටම විවෘත විය.

මෙහිදී ගෝනි රේස්, සංගීත පුටු, කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, බිත්තර ඇල්ලීම, අන්ධයාට කිරි කැවීම හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම, අලියාට ඇහැ තැබීම ආදී තරඟ ඉසව් රැුසක් පවත්වනු ලැබූ අතර කුඩා ළමුන් වෙනුවෙන් බැලූන් පිපිරවීමේ තරඟයක්ද පවත්වන ලදී.

දෙස් විදෙස් සංචාරකයින් රැුසක් මෙම අවුරුදු උත්සවය සඳහා සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි