පාකිස්ථානු ජාතික ආරක්‍ෂක විද්‍යාපීඨ නියෝජිතයින් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
11:16am on Tuesday 29th April 2014
පකිස්ථාන ජාතික ආරක්‍ෂක විද්‍යාපීඨයේ නියෝජිත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 22 වෙනි දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. පකිස්ථාන යුධ නාවික හා ගුවන් හමුදාවන් නියෝජනය කරමින් නිළධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. මේ කණ්ඩායමට විද්‍යාපීඨයේ  ඉගෙනුම ලබන සිවිල් පුද්ගලයින් දෙදෙනෙක්ද තුර්කිය හා බංගලාදේශයේ හමුදා නිළධාරීන් දෙදෙනෙක්ද සහභාගී විය.

ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කිෂාන් යහම්පත් සහ ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් විජිත ගුණරත්න විසින් නියෝජිත පිරිස පිළිගනු ලැබීය. ගෲප් කැප්ටන් උදේනි රාජපක්‍ෂ විසින් ගුවන් හමුදා ව්‍යුහය, ගුවන් හමුදාවේ පරිපාලනය, මානූෂීය මෙහෙයුම වෙනුවෙන් ගුවන් හමුදාව දැක්වූ දායකත්වය හා මානුෂීය මෙහෙයුමෙන් පසු ගුවන් හමුදාවේ ක‍්‍රියාමාර්ග පිළබඳව දැනුවත් කරමින් දේශනයක් පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. අවසානයේ සමරු ඵලක හුවමාරු කර ගැනීමක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි