රණවිරු රියල් ස්ටාර් සැරයන් ඉමාලි පතිරණට නව නිවසක්
11:21am on Tuesday 29th April 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක කාර්යාලයේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මග පෙන්වීම මත තලකිරියාගම පහලවැව ප‍්‍රදේශයේ අළුතින් ඉදිකරන ලද නිවස රණවිරු රියල් ස්ටාර් දෙවන අදියරේ 5 වන ස්ථානය හිමිකරගත් සැරයන් ඉමාලි පතිරණ හට ප‍්‍රදානය කිරීම පසුගිය අපේ‍්‍රල් මස 24 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලකග් ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා, ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අනදෙන නිළධාරී විංග් කමාන්ඩර් සීපී ගුණතිලක ඇතුළු රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි