ආධුනික අවි සහ සරඹ උපදේශකයින් පාඨමාලාව නිමකරයි.
4:18pm on Monday 5th May 2014
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ මාස පහකට අධික කාලයක් මුළුල්ලේ පවත්වනු ලැබූ අංක 44 ආධුනික අවි උපදේශක සහ අංක 35 ආධුනික සරඹ උපදේශක පාඨමාලාවන් අවසන් කරමින් පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින ගුවන්භටයින් 63 දෙනෙකු විසිර යන ලදී.

මෙම පාඨමාලාවේ පළමු කොටස 2013 වසරේ සැප්තැම්බර් මස 26 වන දින ආරම්භ වී දෙසැම්බර් මස 06 වන දින අවසන් කරනු ලැබු අතර අවි අපදේශක සහ සරඹ උපදේශක යන පාඨමාලා දෙකම සමගාමීව පවත්වන ලදී. මෙම පාඨමාලාවේ දෙවන කොටස ප‍්‍රායෝගික පුහුණුවීම් වලින් සමන්විත විය.

දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ඩබ්පීඞී ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර නවක උපදේශයන්, උපදේශක ධූරයට පත්කිරීම මේ අවස්ථාවේදී සිදු කරන ලදී. මෙහිදී විශේෂ දක්‍ෂතා අගයමින් කුසලාන සහ සහතිකපත් ප‍්‍රදානයක්ද සිදු කරන ලදී.

අංක 35 සරඹ උපදේශක පුහුණු පාඨමාලාවේ හොඳහ සරඹ උපදේශකවරයා
26733 කෝප‍්‍රල් සේනාධීර පීජීඩබ්කේ
අංක 44 අවි උපදේශක පුහුණු පාඨමාලාවේ හොඳම අවි උපදේශකවරයා
29125 කෝප‍්‍රල් ද සිල්වා එල්එම්ඞීඑන්




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි