ගුවන් හමුදාව ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන පාපන්දු තරඟාවළිය නියෝජනයට
2:55pm on Friday 9th May 2014
2013 වසරේ ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාවයට හිමිකම් කියනු ලැබූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම මෙවර ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන පාපන්දු තරඟාවළිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදීමට අවනස්ථාව උදාවී තිබේ. මෙම තරඟාවළිය ආසියානු පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන මෙම තරඟාවළිය ගුවන් හමුදා කණ්ඩායම ”ඒ” කාණ්ඩය යටතේ තරඟ වදිනු ලබයි.

 නායක ගුවන් භට ඩිල්ෂාන් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන අතර සම්පත් පෙරේරා මහතා පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි. එසේම ගුවන් හමුදා පාපන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ඇන්ඩෲ විජේසූරිය, ලේකම් ගෲප් කැප්ටන් එස්ඞී කොටගේ සහ කළමණාකරු බලලත් නිළධාරී හමීඞ් යන මහත්වරුද තරඟාවලියට සහභාගී වේ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි