ගුවන් ශිෂ්‍ය භටයින් අංගම්පොර හදාරයි
4:15pm on Friday 23rd May 2014
පසුගිය මැයි මස 06 වන දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ පැවති ගුවන් ශිෂ්‍ය භටයින්ගේ වාර්ෂික කඳවුරේදී ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම විසින් අංගම්පොර සංදර්ශණයක් පවත්වන ලදි.පාසැල් විසි අටක් නියෝජනය කරමින් ගුවන් ශිස්‍ය භටයින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර අංගම්පොර ක‍්‍රීඩාව හා එහි වැගත්කම සම්බන්ධව ගුවන් හමුදා අංගම්පොර සංගමයේ සභාපති එයාර් කොමඩෝර් සීබි ලැබ්රෝයි විසින් දේශනයක් පවත්වන ලදි. මෙහිදී අංගම්පොර මුහන්දිරම් වෛද්‍ය අජන්ත මහන්තාරච්චි විසින් අංගම්පොර සංදර්ශනය මෙහෙයවන ලදී.මෙම අවස්ථාව ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා අංගම්පොර සංගමය විසින් ශ‍්‍රී ලංකාවේ ජාතික ආත්මාරක්‍ෂක සටන් කලාව නැවත ව්‍යාප්ත කිරීමේ කාර්යයේ එක් අදියරකි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි