2014 අන්තර් ඒකක බැඞ්මින්ටන් තරඟාවළිය
4:38pm on Friday 23rd May 2014
ගුවන් හමුදා අන්තර් ඒකක බැඞ්මින්ටන් තරඟාවළිය පසුගිය මැයි මස 7 වන දින සිට 9 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වනු ලැබිණි. මෙහිදී සමස්ථ ශූරතාවය කොළම ගුවන් හමුදා කඳවුර විසින් දිනාගනු ලැබූ අතර අනුශූරතාවය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය විසින් දිනා ගන්නා ලදි.

ස්කොඞ්රන් ලීඩර් කේෂානි වික‍්‍රමරත්න විසින් කාන්තා ඒකල ශූරතාවය දිනා ගනු ලැබූ අතර, නායක ගුවන් කාන්තා ගුණසේකර ඒඅයි විසින් තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාවට පිරිනැමෙන කෝප‍්‍රල් ගුණවර්ධන අනුස්මරණ කුසලානයට හිමිකම් කියන ලදී.

ශ‍්‍රි ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා බැඞ්මින්ටන් සංචිතයේ සභාපති ගෘාප් කැප්ටන් ආර් සේනානායක, ගුවන් හමුදා බැඞ්මින්ටන් විංග් කමාන්ඩර් අමල් ඩයස්, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිලයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි