ගුවන් ශිෂ්‍ය භටයින්ගේ වාර්ෂික ඇගයීම කඳවුර
4:40pm on Friday 23rd May 2014
ගුවන් ශිෂ්‍ය භටයින්ගේ වාර්ෂික ඇගයීමේ කඳවුර දෙවන අදියර පසුගිය මැයි මස 2 වන දින සිට 10 වන දින දක්වා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදි පවත්වන ලදී. මැයි මස 10 වන දින පැවති විසිර යාමේ පෙළපාලිය සඳහා ශ‍්‍රී ලංකා ජාතික ශිෂ්‍ය භට බලකා අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් එච්එම්එච්ඒ හේරත් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

මෙහිදී මලියදේව බාලක විද්‍යාලය ප‍්‍රථම ස්ථානය දිනාගනු ලැබූ අතර දෙවන ස්ථානය රිසිකලා සෞන්දර්ය විද්‍යාලය සහ තුන්වන ස්ථානය කිංග්ස්වුඞ් විද්‍යාලය මහනුවර දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිළධාරීන්, ගුවන් හමුදාවේ උසස් නිළධාරීන්, ජාතික ශිෂ්‍ය භට බලකායේ නිළධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්,හිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි