ජෙනරාල් සූකී ලින්ග් චීනවරාය ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
2:08pm on Wednesday 28th May 2014
සංචාරයේ නියුතු චීන රජයේ ආරක්‍ෂක නියෝජිත පිරිසට අණදෙනු ලබන ජෙනරාල් සූකී ලින්ග් පසුගියදා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක නිරත විය. ධූත පිරිස චීනවරාය විද්‍යාපීඨ කඳවුරට ලඟාවූයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්ඒ 60 ගුවන් යානයෙනි. චීන වරාය වීද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය විසින් මෙම ධූත පිරිස පිළිගන්නා ලදී.

එසේම මෙම පිරිස නාවික හා සාගර විද්‍යාපීඨයේද සංචාරයක නිරත වු අතර වැඩබලන නැගෙනහිර නාවුක ආඥාපති කොමඩෝර් එන්ඒඑන් සරත්සේන විසින් පිළිගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සමගින් මෙම ධූත පිරිස රාත‍්‍රී ආහාරය චීනවරාය විද්‍යාපීඨයේදී ලබාගන්නා ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි