අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ විසින් සංචාරක උදානය 2014 විවෘත කරයි
8:37am on Monday 21st July 2014
සංචාරක උදානය 2014 වෙළඳ ප‍්‍රදර්ශනය බැසිල් රාජපක්‍ෂ අමාත්‍යතුමන් විසින් පසුගිය ජූනි මස 27 වන දින විවෘත කරන ලදී. ශ‍්‍රී ලංකාවේ අංක එකේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් ආයතනයේද වෙළඳ කුටියක් මෙම ප‍්‍රදර්ශනයේ පැවති අතර හෙලිටුවර්ස් ගුවන් ගමන් සේවාව මගින් ශ‍්‍රී ලංකාව තුළදී ලබා ගත හැකි සේවාවන් සම්බන්ධව දැනුවත් කිරීම මෙහිදි සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති මෙම ප‍්‍රදර්ශනය ජූනි මස 27 සහ 28 යන දෙදින තුළ පැවති අතර සංචාරක අමාත්‍යාංශය විසින් මෙය මෙහෙයවන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි