ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අංශය අපි වෙනුවෙන් අපි අභියෝගය ජයගනී
3:37pm on Thursday 24th July 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජින්රු අංශය මගින් අපි වෙනුවෙන් අපි 16 වෙනි අදියර යටතේ ඉදිකිරීමට නියමිත වූ නිවාස 60 හි වැඩ කටයුතු සාර්ථකව අවසන් කිරීමට සමත් වී තිබේ. එසේ ඉදිකරන ලද නිවාස පසුගිය දා අතිගරු ජනාධිපතිතුමන් විසින් භාර දීම පසුගියදා සිදු කරන ලදී.

ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද නිවාස 60 අධීක්‍ෂණ කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලය සහ ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක කාර්යාලය මගින් සිදු කරන ලද අතර ගුවන් භටයින් 300 ක් පමණ මේ සඳහා යොදා ගන්නා ලදි. අනුරාධපුර ගුවන් හමුදා කඳවුර මගින් මෙම පිරිසට අවශ්‍ය කටයුතු ස්මපාදනය කරන ලද අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු වැඩ සේවා බලඝණය විශාල සහයෝගයක් මොවුන් හට ලබා දෙන ලදි.

Recent news - 16th phase of the 'Api Wenuwen Api' housing project - Ceremony

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි