ඉන්දීය ගුවන් හමුදාධිපති චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක
1:55pm on Tuesday 19th August 2014
ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා පසුගිය ජූලි මස 17 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක නිරත විය. විද්‍යාපීඨයේ පිඨාධිපති එයාර් කොමඩෝර් සාගර කොටක දෙණිය විසින් ගුවන් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදි.

ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන්ගේ බිරිඳ වන ලිලී රාහා මැතිණිය විද්‍යාපීඨ පෙර පාසලෙහි සිසු දරු දැරියන් හා ආචාර්ය මණ්ඩලය මුණගැසුණු අතර විශේෂ විිවධ ප‍්‍රසංගයක් ඇය වෙනුවෙන් සංවිධානය කර තිබිණි.

එසේම ගුව්න හමුදාධිපතිතුමන් ප‍්‍රමුඛ ධූත පිරිස ත‍්‍රිකුණාමළය වරාය සංකීර්ණයේ බෝට්ටු සවාරියක්ද, ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්, ත‍්‍රිකුණාමළය කෝනේස්වරම් කෝවිලේ, ත‍්‍රිකුණාමළය ඉන්දියන් ඔයිල් සමාගමේ සංචාරයකද නිතර විය.












 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි