ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් යානයක් පියාසර පැය 10000 පසු කරයි
1:57pm on Tuesday 19th August 2014
ජාතික අභිමානය ලොවට කියාපාමින් ගුවනේ පියාසර කරන බෙල් 212 හෙලිකොප්ටර් යානා සෑම පෙළපාලියකම ශ‍්‍රී ලංකා ධජය රැුගෙන යාමේ වගකීම දරනු ලබයි. එසේම ප‍්‍රහාරක යානාවක් ලෙසද, ගුවන් ගිලන් රථසේවාව, අනෙකුත් ගුවන් යානාවන්ට නාවුක යාත‍්‍රාවන්ට ආරක්‍ෂක වෙඩි බලය සැපයීමද අංක 7 බලඝනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවන් මගින් සපයනු ලබයි.

මෙවන් වූ කාර්යභාරයක් ඉටු කරනු ලැබු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවන් අතරින් එස්යූඑච් 565 දරන බෙල් 212 හෙලිකොප්ටර් යානාව පියාසර පැය 10000 කඩඉම පසු කරන්නට පසුගියදා සමත් විය.

මෙම යානාව 1982 වර්ෂයේ නිෂ්පාදනය කරනු ලැබුවක් වන අතර එය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයට එක්වන්නේ පැය 6ක පමණ පියාසර පැය සංඛ්‍යාවක් පමණක් පියසර කරන ලද නවතම හෙලිකොප්ටර් යානාවක් ලෙසිනි.

අංක 7 බලඝණයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීබී ඉදිරිසිංහ විසින් මෙම කඩඉම පසුකිරීම සිදු කරන ලද අතර මෙම හෙලිකොප්ටර් යානාව පියාසර පැය 10000 කඩඉම පසු කරන ලද ප‍්‍රථම හෙලිකොප්ටර් යානාව වෙයි.

එස්යූඑච් 565 බෙල් 212 හෙලිකොප්ටර් යානාව ඉදිරියටත් තම සේවාව උසස් තත්වයෙන් දේශය වෙනුවෙන් ලබාදීමට සූදානමින් සිටියි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි