ගුවන් හමුදාපති ජාතික සංවර්ධන ව්‍යපෘති නිරීක්ෂණ සංචාරයක
4:41pm on Tuesday 19th August 2014
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරුවන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ ඉදිකෙරෙමින් පවතින ජාතික සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගිලි කිහිපයක ප්‍රගති නිරීක්ෂණ සංචාරයක නිරත විය.

ඇඹිලිපිටිය සති පොල සංකීර්ණය, ඉමදූව සාප්පු සංකීර්ණය, අගලවත්ත බෙල්ලන ධර්මපාල පිරිවෙනේ ඉදිකෙරෙන තුන් මහල් භික්‍ෂු සංඝාවාසය යන ස්ථානයන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට ලක් විය.

මෙම ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහගේ අනුදැනුම මත කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු මගින් මෙහෙයවනු ලබයි.

ඉමදූව සාප්පු සංකීර්ණය



බෙල්ලන



ඇඹිලිපිටිය සති පොල සංකීර්ණය


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි