ගුවන් හමුදාවට නව මුඛ හා හනු ශල්‍යාගාරයක්
5:50pm on Tuesday 19th August 2014
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතින් ගුවන්පුර දන්ත ඒකකයේ නව මුඛ හා හනු ශල්‍යාගාරයක්  2014 අගෝස්තු 18 වෙනිදා විවෘත කෙරිණි. මෙම නව ශල්‍යාගාරයේ මුඛ හා හනු ආශ්‍රිත සියලුම ශල්‍යකර්මයන් කිරීමේ හැකියාව පවතින  අතර හදිසි ප්‍රතිකාර කිරීමේ ඒකකයක්ද පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි රොෂානි ගුණතිලක මැතිණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩල නිළධාරීන්, කොළඹ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩොර් ඩි. ජේ. සී වීරකෝන් මහතා, අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි