යුද්ධයෙන් මියගිය ගුවන් විරුවන්ගේ දරු දැරියන් හට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් ශිෂ්‍යත්ව
9:14am on Thursday 28th August 2014
තිස් වසරක කුරිරු යුද්ධයේ අමිහරි මතක සටහන් අප අතර ඉතරි කරමින්  රණ විරුවන් ලෙසින් අප අතරින් සමුගත්  ගුවන් විරුවන්ගේ  දරු දැරියන්ගේ සුභ සාධනය උදෙසා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ශිෂ්‍යත්ව පදානය කරනු ලබයි. එහි එක් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයක් 2014 අගෝස්තු මස 26 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ  සේවා වනිතා ඒකකයේදී පවත්වන ලදී.

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය සඳහා යුද්ධයෙන් මියගිය ගුවන් විරුවන්ගෙ දරු දැරියන් 13 දෙනෙකු තෝරාගනු ලැබූ අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත ලැබුණු ආධාර මගින් ශිෂ්‍යත්ව ප‍්‍රධානෝත්සවය  සිදුකරන ලදී.

ශිෂ්‍යත්ව ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානී ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී. ශිෂ්‍යත්ව සඳහා තෝරාගත් දරුදැරියන්ගේ ඥාතීන් ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිළධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි