පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
3:53pm on Friday 29th August 2014
පාකිස්තාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆීක් බට් පසුගිය අගෝස්තු මස 28 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවූ පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් දෙරට අතර ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් සකච්ඡුා කරන ලදී.

ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් හට ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් උත්තමාචාර පිදීමක්ද සිදු කරන ලද අතර එතුමන් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් සිදු කරන ලදි. සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද මෙහිදි සිදු කරන ලදි. මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහභාගී විය.

මේ හා සමගාමීවම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණිය විසින් පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන්ගේ බිරිඳ වන ශේලා තාහිර් මැතිණිය වෙත විශේෂ තේ පැන් සංග‍්‍රහයක් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පිළිගන්වන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් රැුසක් සහභාගී විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි