පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
10:02am on Saturday 30th August 2014
ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පාකිස්තාන ගුවන් හමදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆීක් බට් ඊයේ (2014 අගෝස්තු මස 29* චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ සංචාරයක නිරත විය. චීන වරාය විද්‍යාපීඨ පීඨාධීපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය විසින් එතුමන් පිළිගන්නා ලදී.

මෙහිදී අංක 1 ගුවන් නියමු පුහුණු පක්‍ෂාංගයේ සංචාරය කරන ලද අතර අනතුරුව ත‍්‍රිකුණාමලය වරාය ප‍්‍රදේශයේ බෝට්ටු  සවාරියකද නිරත විය.

එදිනම සවස පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස බටලන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේද සංචාරයක නිතර වූ අතර එහිදී පාඨමාලා හදාරන නිළධාරීන් අමතන ලදී.

අනතුරුව කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි සංචාරය කරන ලද අතර එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ විසින් පාකිස්තානු ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. එහිදී අංක 2 ගුවන් යානා ප‍්‍රවාහන බළඝණය, අංක 5 ප‍්‍රහාරක ජෙට් බලඝණය, අංක 10 ප‍්‍රහාරක ජෙට් බලඝණය සහ ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගයෙහි සංචාරය කරන ලදී.

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී, පිරිස බටලන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේදී සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් සහ අණදෙන නිළධාරීන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි