කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව වාට්ටු අංක 3 හි සංචාරයක
12:21pm on Tuesday 2nd September 2014
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ මගපෙන්වීම මත කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය පසුගිය අගෝස්තු මස මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක නිරත විය.

මෙම වාට්ටුව 1985 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් නඩත්තු හා අළුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි. කොළඹ කඳවුරු සේවා වනිතා ඒකකය රෝගීන්ගේ සුභ සාධනය උදෙසා අධාර හා තෑගි බෙදා දුන් අතර රෝගීන්ගේ වින්දනය උදෙසා විවිධ විනෝදාත්මක වැඩසටහන්ද ඉදිරිපත් කරන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන්, කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී නිරංජලා වීරකෝන් මහත්මිය,  ගුවන් හමුදා නිළධාරීන් නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි