තුන්වන ආරක්‍ෂක සේවා පැරෂූට් පැනීම් තරඟාවළිය 2014
4:14pm on Tuesday 16th September 2014
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂුට් පැනීම් තරඟාවළිය 2014 පසුගියඅගෝස්තු මස 23 සට 27 වන දින දක්වා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර පැරෂුට් පැනීම් කලාපයේ සිදු කරන ලදී. ති‍්‍රවිධ හමුදාව නියෝජනය කරමින් කාන්තා පිරිමි පැරෂුට් පැනීමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම තරඟාවළිය සඳහා සහභාගී විය.

ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දියතලාව යුධ හමුදා පුහුණු කඳවුරේ මේජර් ජෙනරාල් පීපී ද සිල්වා සහභාගී විය.

තරඟ ප‍්‍රථිපල

පැරෂුට් ගුවන් කරනම් පිරිමි : ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, අනුශූරතාවය ශ‍්‍රී ලංකා යුධ හමුදාව
පිරිමි කණ්ඩායම් ශූරතාවය ශ‍්‍රී ලංකා යුධ හමදාව, අනු ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව

පිරිමි ඒකල දක්‍ෂතාවයන්
රන් පදක්කම - සැරයන් බස්නායක ඒකේඑස්එල් (යුධ හමුදාව)
රිදී පදක්කම - බලලත් නිළධාරී 1 බණ්ඩාර පීජීඞී (යුධ හමුදාව)
ලෝකඩ පදක්කම - සැරයන් අමරසිංහ එස්ඞීඑච් (ගුවන් හමුදාව)

කාන්තා ඒකල දක්‍ෂතාවයන්
රන් පදක්කම - නායක ගුවන් භට රාජපක්‍ෂ ආර්එම්අයිඞී (ගුවන් හමුදාව )
රිදී පදක්කම - සැරයන් හේවාගමගේ ටීඑන්ඞී (ගුවන් හමුදාව)
ලෝකඩ පදක්කම - නායක ගුවන් භට ගුණවර්ධන ඩබ්ජීඒ (ගුවන් හමුදාව)
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි