පියාසර පුහුණු පක්‍ෂාංගය සහ අධීකාරි නොළත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල තම සංවත්සරයන් සමරයි,
4:25pm on Tuesday 16th September 2014

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණිතම පියාසර පක්‍ෂාංගය වන අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය සය 63 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 1 වන දින සමරන ලදී. ආරම්භයේදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිතව තිබු පියාසර පුහුණු පක්‍ෂාංගය පසුකාලීනව චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය වෙත රැගෙන යන ලදි. එය අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය ලෙස 1963 දී නම් කරන ලදී. 1988 වර්ෂයේදී මෙම පක්‍ෂෘංගය ආරක්‍ෂක හේතූන් මත අනුරාධපුරය ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යන ලදී.

මානූෂීය මෙහෙයුම අවසානයේදී අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය නැවත චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය වෙත 2009 වසරේදී රැගෙන යන ලදී.

පියාසර පුහුණු පක්‍ෂාංගය තම සංවත්සරය සමරමින් රේවත ළමා නිවාසයට දානය පිළිගැන්වීම සහ පාසල් උපකරණ බෙදා දීමක් සිදු කරන ලදී. ඊට අමතරව පක්‍ෂාංගයේ පුද්ගලයන් වෙනුවෙන් බෝධිපූජා පිංකමක් සුදර්ශනා විවේකාරාමයේදී සිදු කරන ලද අතර වොලිබෝල් තරඟාවලියක්ද පවත්වන ලදී.

අධීකාරි නොළත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ 14වන සංවත්සරය
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධීකාරි නොළත් නිළධාරීන්ගේ කළමනාකරන පාසලෙහි 14 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 1 වන දින පවත්වන ලදී. සංවත්සරය සමරමින් රේවත ළමා නිවාසයේ  ශ‍්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර ත්‍යාග සහ වියළි ආහාර බෙදා දීමක්ද සිදු කරන ලදී. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩබලන පීඨාධිපති එයාර් කොමඩෝර් ජනක් වනිගතුංග ප‍්‍රධාන ආරාධීත අමුත්තා වශයෙන් සහභාගී විය.

එදින රාත‍්‍රියේ පිරිත් දේශනාවක්ද පවත්වන ලද අතර එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය ඇතුළු පක්‍ෂාංග අණදෙන නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය



අධීකාරි නොළත් නිළධාරීන්ගේ කළමනාකරන පාසල

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි