ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා සේවා මුක්ත භටයින්ගේ වැඩිහිටි නිවාසයේ සංචාරයක
4:29pm on Tuesday 16th September 2014
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය සැප්තැම්බර් මස 4 වන දින කටාන පිහිටි සේවා මුක්ත භටයින්ගේ වැඩිහිටි නිවාසයේ සංචාරයක නිරත විය. 

සේවා මුක්ත භට සංගමය මගින් පවත්වාගෙන යනු ලබන මෙම වැඩිහිටි නිවාසයේ ත‍්‍රිවිධ හමුදාවේ සේවය කරන ලද ජ්‍යේෂ්ඨ පුද්ගලයින් වැසය කරනු ලබයි. ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් හමුදා කඳවුර මගින් මෙහි වෛද්‍ය සේවා කටයුතු සිදු කරනු ලබයි. 

ගුවන් හමුදාධිපතිතුමන් මෙහි වාසය කරනු ලබන වැඩැහිටි සේවා සාමාජිකයින්ගේ සුවදුක් විමසා බලා අහාර පාන පිළිගන්වනු ලැබූ අතර ඔවුන් හට ඇඳුම් පාර්සලයක්ද තෑගි කරන ලදී. ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි