ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් මධ්‍යම අප‍්‍රිකාවේ රාජකාරීන් සඳහා යෙදවේ
8:36am on Friday 3rd October 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් මධ්‍යම අප‍්‍රිකාවේ රාජකාරීන් සඳහා යෙදවේ

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල තීරණ 2149 (2014) අනුව එක්සත් ජාතීන්ගේ  බහුමාන ස්ථාවර කිරීමේ (ආගමික සාමාජිය හා සංස්කෘතික සංහිඳියාව ඇති කිරිමේ) මෙහෙයුම යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් මධ්‍යම අපි‍්‍රකාවේ රාජකාරියෙහි යෙදවීමට නියමිතය.

මෙය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා ගුවන් යානා යොදවනු ලබන ප‍්‍රථම අවස්ථාව වන අතර එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 3 ක් සමගින් නියමුවන්, ගුවන් යානා ඉංජිනේරුවන් සහ 122 ක කාර්යමණ්ඩලයක් මෙම රාජකාරි සඳහා අනුයුක්ත කෙරේ. අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ දිගුවක් ලෙස අංක 62 හෙලිකොප්ටර් බලපන්තිය ලෙසින් මොවුන් රාජකාරියෙහි නිරත වීමට නියමිත අතර කණ්ඩායම අතරින් නිළධාරීන් දෙදෙනෙකු මිනුස්කා (MINUSCA)  මූලස්ථානයෙහි සම්බන්ධීකරණ රාජකාරියේ යෙදෙනු ඇත.

මෙම එක්සත් ජාතීන්ගේ රාජකාරින් සඳහා ශ‍්‍රී ලංකා ගූවන් හමුදාව තෝරාගැනීම සුවිශේෂී වූ ක‍්‍රීයාවළියකට අනුව සිදු කරන ලදී. එහිදී නියමුවන්ගේ පරිණත භාවය, තාක්‍ෂණික දැනුම, පලපුරුද්ද, භට පිරිස්වල විනය ගරුක බව සහ වෘත්තීය නිපුණත්වය යන අංගයන් පිළිබඳව කරනු ලැබූ සියුම් පරික්‍ෂණයන් අවසානයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම අවස්ථාව ලබාගැනීමට හැකියාව ලැබුණී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම වෘත්තීමය සාර්ථකත්වය ගුවන් හමුදාවට පමණක් නොව සමස්ථ ශ‍්‍රී ලංකාවටම ජයග‍්‍රහණයක් වන අතර ශ‍්‍රී ලාංකීය හමුදාවන් පිළිබඳව අන්තර්ජාතිකව තිබෙන විශ්වාසය සහ පිළිගැනීම මෙමගින් තවදුරටත් තහවුරු වේ. මීට අමතරවල සුව්ශේෂි වු ආර්ටික ප‍්‍රතිලාභයන් ද මෙසේ රටට හිම්වීමද මෙම ක‍්‍රියාවලියේ අගය වර්ධනය කිරීමට හේතු වී ඇත.

භට පිරිස් ප‍්‍රවාහනය, ප‍්‍රභූ ප‍්‍රවාහනය, ආහාරපාන/භාණ්ඩ ප‍්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බැම, වෛද්‍ය ප‍්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය තම සක‍්‍රීය දායකත්වය මෙහිදී ලබා දෙනු ඇත.

මීට අමතරව දකුණු සූඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට සම්බන්ධවීමට ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අවස්ථාව උදා වී ඇති අතර දැනට ඒ සදහා අවශ්‍ය කටයුතු සමිපාදනය වෙමින් පවතී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි