ස්පයිඩර්ස් අභයෝගතා කුසලානය 2014
9:12am on Friday 3rd October 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යෂක මණ්ඩලය මගින් සංවිධානය කරන ලබන ස්පයිඩර්ස් අභියෝගතා කුසලානය 2014 ක‍්‍රීඩා තරඟාවළිය දෙවන වතාවට මෙවර පැවැත්වේ. විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යෂකයට අයත් සේවා පුද්ගලයින් කණ්ඩායම් හතරක් යටතේ මෙවර තරඟ වදිනු ලබයි. 

මෙහිදී ”ග්ලයිඩර්” කණ්ඩායම කටුනායක ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය මගින්ද, ”ස්පොටර්” කණ්ඩායම රත්මලාන ගුවන් හමුදා කඳවුරු තොරතුරු තාක්ෂණ පක්‍ෂාංගය මගින්ද, ”වොස්පර්” කණ්ඩායම කටුනායක ගුවන් හමුදා කඳවුරු රේඩාර් නඩත්තු කිරීමේ පක්‍ෂාංගය මගින්ද, ”වොල්ෆර්” කණ්ඩායම රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය මගින්ද මෙහෙයවනු ලබයි.

2014 මැයි මස 30 වන  දින දෙවන ස්පයිඩර්ස් අභියෝගතා කුසලාන ක‍්‍රීඩා තරඟාවළිය ඇරඹුනු අතර තරඟාවලිය ආරම්භ කරමින් වොලිබෝල් තරඟ පවත්වන ලදී. මේ වන විට මේස පන්දු, සැහැල්ලූ පන්දු කි‍්‍රකට්, පාපන්දු, බැඞ්මින්ටන් යන ක‍්‍රීඩා ඉසව් නිමාවට පත්වූ තිබේ.

බැට්මින්ටන් අවසන් තරඟ පසුගිය අගෝස්තු මස 26 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ත ක‍්‍රිඩාගාරයේදී පවත්වනු ලැබූ අතර එහිදී පිරිමි ද්විත්ව ශූරතාවය සහ කාන්තා පිරිමි ඒකාබද්ධ ද්විත්ව ශූරතාවය ග්ලයිඩර් කණ්ඩායම පරාජය කරමින් ස්පොටර් කණ්ඩායම විසින් හිමි කරන ගන්නා ලදී. පිරිමි කේවල ඉසව්වේදී ස්පොටර් කණ්ඩායම පරදවමින් ග්ලයිඩර් කණ්ඩායම විසින් ශූරතාවය දිනා ගන්නා ලදි. බැට්මින්ටන් සමස්ථ ශූරතාවය ස්පොටර් කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර ග්ලයිඩර් කණ්ඩායම විසින් අනුශූරතාවයත් වොස්පර් කණ්ඩායම විසින් තුන්වන ස්ථානයත් දිනා ගන්නා ලදී. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි