අංක 59 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව
9:16am on Friday 3rd October 2014
අංක 59 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය පසුගිය සැප්තැම්බර් මස 12 වන දින චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ගොඩබිම් සටන් පුහුනු පාසලේ ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරන ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
චීන වරාය විද්‍යා පීඨ වැඩබලන පීඨාධිපති එයාර් කොමඩෝර් ජේපී වනිගතුංග සහ එක් එක් පක්‍ෂාංගයන්හි අණදෙන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
සති එකොලහක් පුරාවට පවත්වනු ලැබූ මෙම පාඨමාලව සඳහා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 42 කු සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 44 දෙනෙකුද යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ අදිකාරී නොලත් නිළධාරීන් 02 කු සහ නාවික හමුදාවේ එක් ප‍්‍රධාන සුළු නිළධාරියෙකු සහ එක්  සුළු නිළධාරීවරයෙකු වශයෙන් අධිකාරී නොලත් නිලධාරීන් 90 දෙනෙකු සඳහා සහතික පත් ප‍්‍රදානය කරන ලදී. 

22427 බලපංති සැරයන් ද සිල්වා ඞීඑස්ඩබ් විසින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීයාට හිමි සම්මානයත් 24724 සැරයන් විමල් විසින් සෑම අතින්ම දක්‍ෂ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියාට හිමි සම්මානයද දිනා ගන්නා ලදි. 

සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්

ප‍්‍රථම ස්ථානය 22427 බලපංති සැරයන් ද සිල්වා ඞීඑස්ඩබ් ( වෛද්‍ය සහායක)
දෙවන ස්ථානය 17077 බලපංති සැරයන් උදයසිරි ඩබ්කේසීබී (ගුවන් යානා ඉංජිනේරු)
තෙවන ස්ථානය 27691 සැරයන් කුමාර කේජී  (ලිපිකරු සහායක)

සෑම අතින්ම දක්‍ෂ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්

ප‍්‍රථම ස්ථානය 24724 සැරයන් විමල් එල්එන් (පොලිස්)
දෙවන ස්ථානය 27864 කෝප‍්‍රල් පේ‍්‍රමදාස එම්ඊඅයි (දන්ත සහායක)
තෙවන ස්ථානය 28229 කෝප‍්‍රල් පෙරේරා ඞීකේඑස්අයි  (ලිපිකරු සහායක)

දක්‍ෂතම ශිෂ්‍යයා

27864 කෝප‍්‍රල් පේ‍්‍රමදාස එම්ඊඅයි (දන්ත සහායක)

දක්‍ෂතම කථිකයා (ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරි)

23443 සැරයන් දිසානායක යූඑම්ටී (මෙහෙයුම් භූමි)

දක්‍ෂතම කථිකයා (කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරි)

සැරයන් විමල් එල්එන් (පොලිස්)

ශාරීරික යෝග්‍යතාව අතින් දක්‍ෂතම ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා

40513 සුළුනිළධාරී එම්ආර්එන්ආර් බන්ඩාර (නාවික හමුදාව)

ශාරීරික යෝග්‍යතාව අතින් දක්‍ෂතම කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා

32087 කෝප‍්‍රල් කුමාර පීඑච්ආර් (මෙහෙයුම් භූමි)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි