හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව අංක 03 වාට්ටුවේ සංචාරයක
9:22am on Friday 3rd October 2014
හිඟුරක්ගොඩ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නඩත්තු හා සංවර්ධන කටයුතු සිදු කරගෙන යනු ලබන මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවෙහි සංචාරයක් සිදු කරන ලදී. සැප්තැම්බර් මස 15 වන දින සිදු කරන ලද මෙම සංචාරය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම මත සිදු කරන ලදී.

දිවා ආහාර වේලක් සහ විවිධ තෑගි හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම මෙහිදී සිදුකරන ලද අතර රෝගීන් වෙනුවෙන් විනෝදාත්මක අංගයන්ද ඉදිරිපත් කරන ලදී.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී පියුමි වික‍්‍රමරත්න මහත්මිය ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි