චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය පවත්වයි
6:06pm on Wednesday 5th May 2010
වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඊයේ (2010 මැයි මස 04 වනදා) චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වාර්ෂික පරීක්‍ෂණය සඳහා සහභාගී විය.

1976 වසරේ ආරම්භ කරනු ලැබූ චීන වරාය ගුවන් හමුදා කඳවුර නැගෙනහිර පලාතේ ඇති විශාලම ගුවන් හමුදා කඳවුර වෙයි. කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල, අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පුහුණු පාසල සහ ගොඩබිම් සටන් පුහුණු පාසල ගුවන් හමුදා විද්‍යා පීඨයේ පවත්වාගෙන යනු ලබයි. එසේම ගුවන් නියමුවන්ගේ රන් දෙවොල ලෙස හැඳින්විය හැකි අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගයද ගුවන්
නියමුවන්ගේ උසස් පුහුණුව සලසන අංක 14 කේ 08 ජෙට් යානා පුහුණු බලඝණයද මෙම කඳවුරේ පිහිටා තිබේ.

ගුවන් හමුදා විද්‍යා පීඨය මගින් ගුවන් හමුදාවට බැඳෙන ශිෂ්‍ය නිළධාරීන් ගුවන් හමුදා නිළධාරීවරයෙකු බවට පත් කිරීමත්, ගුවන් හමුදාවට බැඳෙන ආධුනික සෙබලෙකු ගුවන් භටයෙකු බවට පත්කිරීමත් ඔවුන්ගේ සේවා දැනුම වැඩි දියුණු කිරිමත් සිදු කරනු ලබයි.

පරීක්‍ෂණ පෙළපාලියේ අණදෙන්නා ලෙස චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහතා කටයුතු කරනු ලැබීය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි