සලාක සහායක සහ භෝජනාගාර සහායක උසස් පාඨමාලාවන් හැදෑරූ ගුවන් භටයින් විසිර යයි
4:16pm on Tuesday 14th October 2014
ගුවන් හමුදා සීගිරිය කඳවුරේ පිහිටා ඇති සත්කාරක කළමණාකරන පාසලේ පවත්වනු ලැබූ සලාක සහායක සහ භෝජනාගාර සහායක උසස් පාඨමාලාවන් හැදෑරූ ගුවන් භටයින් 35 ක් පසුගිය සැප්තැම්බර් මස 19 වන දින පාඨමාලාව නිමාකර විසිර යන ලදී.

ගුවන් හමුදා සැපයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් ඩබ්එම්කේඑස්පී වීරසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගි විය. සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් හර්ෂ ජයතිලක, නිළධාරීන් සෙසු නිලයන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

සලාක සහායක උසස් පාඨමාලා දක්‍ෂතම ගුවන් භටයා
35027 නාගුභ සඳනායක අයිපීඞී

භෝජනාගාර සහායක උසස් පාඨමාලා දක්‍ෂතම ගුවන් භටයා
32875 නාගුභ විජේරත්න කේඑම්ඊආර්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි