ජාතික පිස්ටල් වෙඩිතැබීමේ තරඟාවළියේ අනුශූරතාවය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට
4:17pm on Tuesday 14th October 2014
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේදී පසුගියදා පවත්වනු ලැබූ ජාතික පිස්ටල් වෙඩිතැබීමේ තරඟාවළියේදී රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ලබා ගනිම්න් අනුශූරතාවයට හිමිකම් කියන්නට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෙඩිතැබීමේ කණ්ඩායම සමත් විය.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ජාතික රයිෆල් සංගමයේ සභාපති සහ ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කිෂාන් යහම්පත්, ජාතික රයිෆල් සංගමයේ නියෝජ්‍ය සභාපති ගෲප් කැප්ටන් වරුණ ගුණවර්ධන, ත‍්‍රිවිධ හමුදා උසස් නිලධාරීන් සහ වෙඩිතැබීමේ ක‍්‍රීඩා සමාජ නිළධාරීන් ඇතුළු රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි