ගුවන් හමුදාවෙන් රුවන්වැලි මහා සෑයට කප්රුක් පූජාවක්
3:49pm on Friday 21st November 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද කප්රුක් පූජාව ඓතිහාසික රුවන්වැලි මහා සෑය උදෙසා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සියයකට අධික සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් 2014 නොවැම්බර් මස 14 වන දින පවත්වන ලදී.

අනතුරුව ත‍්‍රිවිධ ත‍්‍රිවිධ හමුදාධිපතිතුමන්ලා, පොලිස්පතිතුමන් සහ සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තු අධ්‍යක්ෂක ජෙනරාල්තුමන් අනුරාධපුර ඉදිකරමින් පවතින සඳ හිරු සෑයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

2014 නොවැම්බර් 15 වන දින සිට සතියක් පුරාවට ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පිරිත් සජ්ගායනාවක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි