ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර සිය 30 වන සංවත්සරය සමරයි
4:41pm on Friday 21st November 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර 2014 නොවැම්බර් මස 16 වන දින තම 30 වන සංවත්සරය සමරන ලදී.

30 වන සංවත්සරය සනිටුහන් කරමින් කඳවුරු සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් මුල්ලේරියාව රෝහලේ ශ‍්‍රමදානයක් සහ එහි රෝගීන් සඳහා ආධාර ලබාදීම 2014 ඔක්තොම්බර් මස 29 වන දින සිදුකරන ලදී.

ඇත්ගම අමරසේකර විද්‍යාලයේ සහ තපෝවන විහාරයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් 2014 නොවැම්බර් මස 12 වන දින සහ 14 වන දිනයන්හිදී සිදු කරන ලදී.

මෙම සැමරුම දින උදෑසන කඳවුරු අණදෙන නිළධාරිතුමාගේ වැඩපෙළපාලිය සහ විවිධ ක‍්‍රීඩා ඉසව් ඇතුලූ විනෝදාත්මක අංගයන්ද කඳවුරේ සියලූම නිළයන් සඳහා දිවා ආහාරයක්ද පවත්වන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි