රත්මලාන කඳවුරේ විධායක සුභසාධක වෙළඳසැල් අරමුදල් අංශය පස්වන සංවත්සරය සමරයි
2:20pm on Sunday 23rd November 2014
රත්මලාන කඳවුරේ ගුවන් හමුදා විධායක සුභසාධක වෙළඳසැල් අරමුදල් අංශය සිය පස්වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 19 වන දින සමරන ලදී. සංවත්සරය සිහි කරමින් විධායක සුභසාධක වෙළඳසැල් අරමුදල් අංශයේ සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රත්මලාන අඳ බිහිරි පාසලේ ශ‍්‍රමදානයක් සිදුකරන ලදී.

විධායක සුභසාධක වෙළඳසැල් අරමුදල් ප‍්‍රධාන ගොඩනැගිල්ලේ පිරිත් සජ්ජායනාවක් පවත්වන ලද අතර සුහද ක‍්‍රිකට් තරඟයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාපිඨියේ පවත්වන ලදී. මෙම අවස්ථාවට රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්, පක්‍ෂාංග අණදෙන නිළධාරීන් සහ බලලත් නිළධාරීන් එක්විය. අවසානයේ සියළුම නිළයන් සඳහා වූ දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි