හිටපු ගුවන් හමුදාපතිවරයකු වු එයාර් චීෆ් මාර්ෂල් ඞී සී පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ
10:11am on Tuesday 25th November 2014
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාධිපතිවරයකු වු  එයාර් චීෆ් මාර්ෂල් ඞී සී පෙරේරා මහතා  ඊයේ (21.11.2014) අභාවප්පා‍්‍රප්ත විය.  

ඩික් කත්බර්ටි පෙරේරා රාජකීය ලංකා ගුවන් හමුදාෙවී ප‍්‍රථම රාජකීය කැඩෙටි නිළධාරී පාඨමාලාවී පුරෝගාමී සාමාජිකයෙක් ලෙස ගුවන් හමුදාවට එක් වු අතර එතුමන් 1980 වසරේ මැයි මස 01 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවී ගුවන් හමුදාධිපති ධූරයට පත් විය.

ශාන්ත බෙනඩික් ව්ද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මෙතුමා 1951 වසරේ සැප්තැමිබර් 21 වන දින  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට එක් විය.මුලික පියසර පුහුණුව ච්ප්මන්ක් ගුවන්යානයෙන් හා දෙවනුව බැලියොල් ගුවන් යානය මගින් පියසර පුහුණූව නිම කිරීමෙන් පසුව එවකට ආග්‍රාමාත්‍ය ඞී එස් සේනානායක මැතිතුමා අතින් අධිකාරීත්වයට පත් විය. රාජකීය ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ අංක 02 බලඝනයේ ගුවන් නියමුවකු ලෙස සේවය කරන ලද මෙතුමා 1964 සිට 1968 දක්වා එම බලඝනයේම අණදෙන නිළධාරී ධුරය හොබවන ලදි.පසුකාලීනව කටුනායක කඳවුරේ නිළධාරී අණදෙන පාලන හා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධුරයද හොබවීය.

ගුවන් හමුදා මුලස්ථානය වෙත පැමිණි මෙතුමා ගුවන් හමුදා ඉතිහාසයේ පරිපාලන අධ්‍යක්ෂක ධූරයට පත් වු පළමුවන නියමු පොදු රාජකාරී නිළධාරියා ලෙස ඉතිහාසගත වේ.අනතුරුව මෙහෙයුමි අධ්‍යක්ෂක ධූරය හා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ධූරයද පිළිවෙලින් හොබවන ලදි. මෙතුමා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බොහෝ පියාසර බලඝනවල ගුවන් නියමුවකු ලෙස සේවය කර ඇත. මෙම ගුවන් හමුදාපතිවරයාගේ කාලය තුල ගුවන් හමුදාව තුල බෙල් 212, බෙල් 412,සියාමාසෙටිටි එස් එෆ් 260 ගුවන් යානා කාර්යයන් සඳහා යෙදවීම ආරමිභ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කරන ලදි.

එතුමාගේ ධුර කාලය තුල ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ශක්තිය වැඩි කිරීමට බොහෝ සේවයක් ඔහු විසින් ඉටුකරන ලදි. එයාර් චීෆ් මාර්ෂල් ඞී සී පෙරේරා මහතා ඔහුගේ සේවා කාලය තුල ගුවන් හමුදාව වෙනුවෙන් සිදු කරන ලද සේවාව වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණයෙන් ද පිදුමම් ලැබු අතර ඔහු මෙම සමිමානයෙන් පිදුමි ලැබු ප‍්‍රථම ගවන්හමුදාධිපතිවරයාද වේ. 1985.04.30 ගුවන් හමුදා සේවයෙන් විශා‍්‍රම ගිය මෙතුමා 2007.10.01 එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලදි.

එයාර් චීෆ් මාර්ෂල් ඞී සී පෙරේරා මහතාගේ දේහය 410/103 බෞද්ධාලෝක මාවත  කොළඹ 07 හි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 2014 නොවැමිබර් මස 24 වන දින සවස 4.30 ට බොරුල්ල කනත්තේදී සිදු කෙරේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි