අංක 9 ප‍්‍රහාරක හෙලිකෙතාප්ටර් බලඝණය සිය 19 වන සංවත්සරය සමරයි
1:01pm on Thursday 27th November 2014
1995 වසරේ නොවැම්බර් මස 24 වන දින ආරම්භ කරන ලද අංක 9 ප‍්‍රහාරක හෙලිකොටර් බලඝණය පසුගිය නොවැම්බර් මස 24 වන දින සිය 19 වන සංවත්සරය සමරන ලදී. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිතව ඇති අංක 9 බලඝණය මානුෂීය මෙහෙයුම ජයග‍්‍රහණය කිරීම උදෙසා සුවිශාල දායකත්වයක් දැක්වූ එම්අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා වලින් සමන්විත වේ.

සංවත්සර දිනය ආරම්භ කරමින් පවත්වනු ලැබූ වැඩ පෙළපාලිය වර්තමාන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්සී දිසානයකගේ පරීක්‍ෂණයට භාජනය කරන ලදී. දේශයට උත්තරීතර සාමය උදාකරලනු වස් අංක 9 බලඝණය විසින් දක්වන ලද සුවිශාල කාර්යභාරය වෙනුවෙන් අවධාරණය කරන ලද අණදෙන නිළධාරී තුමන් අතීතයේ සහ වර්ථමානයේ අංක 9 බළඝණය වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදුන් පුද්ගලයින් හට ප‍්‍රසංශා කිරීමද සිදු කරන ලදී.

අනතුරුව එම්අයි 24 සමරු ස්මාරකය අභිියසදී යුද්ධයේදී තම ජීවිත පරිත්‍යාග කරන ලද බලඝණයේ සාමාජිකයින් වෙනුවෙන් පුෂ්පොපහාර දැක්වීමක්ද සිදුකරන ලදී.

බලඝණයේ සාමාජිකයන් සුහද ක‍්‍රිකට් තරඟයක් පවත්වන ලද අතර සියළු නිළයන් සඳහා දිවා භෝජනයක්ද සිංවිධානය කොට තිබිණි.

එසේම සිය 19 වන සංවත්සරය සමරමින් අංක 9 බලඝණය විසින් හිඟුරක්ගොඩ ළමා නිවාසය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ පුන්‍ය කටයුත්තක්ද සිදකරන ලද අතර පුස්ථකාලයක්, ගබඩා කාමරයක් සහ ජල ටැංකියක් සෑදීමේ කාර්යයද සිදු කරමින් පවතී.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි