ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2014
1:03pm on Thursday 27th November 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය පසුගිය නොවැම්බර් මස 24 සහ 25 යන දෙදින තුළ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී. එහිදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා පිරිමි අංශ දෙකේම ශූරතාවයට හිමිකම් කියන්නට සමත්විය. දක්‍ෂතා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගුවන් හමුදා කබඩි සංචිතය සඳහා තෝරා ගැනීම මෙමගින් සිදු කරනු ලබයි.

අවසන් තරඟයන්හිදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිරිමි සහ කාන්තා කණ්ඩායම් අතින් පිළිවෙලින් කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම පරාජයට පත් කරන ලදී. ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් ඒඑච් විජේසිරි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා - නායක ගුවන් භට ජයකොඩි ඩබ් ටී  - ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල
තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව - සැරයන් විතානගේ ඩබ් එස් ආර් - ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි