ස්පයිඩර්ස් අභියෝගතා කුසලානය 2014 සමාප්ති උළෙල
10:58am on Friday 28th November 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂකය විසින් සංවිධානය කරන ලද ”ස්පයිඩර්ස්” අභියෝගතා කුසලාන 2-14 තරඟාවළියේ සමාප්ති උළෙල පසුගිය නොවැම්බර් මස 22 වන දින කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී. විවිධ ක‍්‍රීඩා තරඟ අංග අටක් යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂකයට අයත් වන ගුවන් හමුදා සාමාජිකයින් කණ්ඩායම් හතරකට (ග්ලයිඩර්, ස්පොටර්, වැස්පර්, වොල්ෆර්) යටත්ව මෙම තරඟාවළියට තරඟ කරන ලදී.

තරඟාවළියේ අවසන් දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී මලල ක‍්‍රීඩා ඉසව් පැවත්වන ලද අතර ”ග්ලයිඩර්” කණ්ඩායම කටුනායක ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්ෂාංගය මගින්ද, ”ස්පොටර්” කණ්ඩායම රත්මලාන ගුවන් හමුදා කඳවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය මගින්ද, ”වැස්පර්” කණ්ඩායම කටුනායක ගුවන් හමුදා කඳවුරු රේඩාර් නඩත්තු කිරීමේ පක්ෂාංගය මගින්ද, ”වොල්ෆර්” කණ්ඩායම රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්ෂාංගය මගින්ද මෙහෙයවන ලදී. මෙහිදී ”ග්ලයිඩර්” කණ්ඩායම මලල ක‍්‍රීඩා තරඟ ජයග‍්‍රහණය කරන ලදී. ”වැස්පර්” කණ්ඩායම හතරවන ස්ථානයට පත්කරමින් ”වොල්ෆර්” සහ ”ස්පොටර්” සහ කණ්ඩායම් විසින් පිළිවෙලින් දෙවන හා තුන්වන ස්ථාන ලබා ගන්නා ලදී,

මලල ක‍්‍රිඩා තරඟ අවසානයේදී ස්පයිඩර්ස් අභියෝගතා කුසලාන 2014 ක‍්‍රීඩා තරඟාවළියේ සමාප්ති උළෙල ආරම්භ කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සමාප්ති උළෙලට සහභාගී විය.

තරඟ අංග අටක් යටතේ කණ්ඩායම් හතරේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දැක්වූ දක්‍ෂතාවයන් අනුව ප‍්‍රසාද ලකුණු 305 ක් ලබා ගත් ”ස්පොටර්” කණ්ඩායම 2014 ස්පයිඩර්ස් අභියෝගතා කුසලාන තරඟාවළියේ ශූරතාවයට හිමිකම් කියන ලදී. ප‍්‍රසාද ලකුණු 280 ක් ලබාගත් ”ග්ලයිඩර්” කණ්ඩායම අනුශූරතාවය හිමිකරගත් අතර පිළීවෙලින් ප‍්‍රසාද ලකුණු 255 ක් සහ 250 ක් ලබාගත් ”වොල්ෆර්” සහ ”වැස්පර්” කණ්ඩායම් තුන්වන සහ හතරවන ස්ථාන ලබා ගන්නා ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි