ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ 24 වෙනි සංවත්සරය
3:39pm on Wednesday 3rd December 2014

 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර පසුගියදා ( නොවැම්බර් 25)එහි 24 වෙනි සංවත්සරය සැමරීය. මෙහිදී විවිධ ආගමික ක‍්‍රියාකාරකම් රැසක් සිදුකල අතර හිමිදුරාවේ විහාරස්ථානයේ ශ‍්‍රමදානමය කටයුත්තක්ද සිදුකරන ලද අතර කඨින පූජා පිංකම සඳහාද දායක විය.

කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්නගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සිදුකල මෙම වැඩසටහන් සඳහා නොවැම්බර් මස 26 වන දින පැවැත් වූ වැඩ පෙළපාලිය, පැරශුට් පුහුණු පාසලේ සිදු කරන ලද පැල සිටුවීම හා ලේ දන් දීමේ වැඩසටහනද ප‍්‍රධාන විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි