ශ‍්‍රී ලංකාවේ විශාලතම සති පොල ගුවන් හමුදාවෙන් ගොඩනැගෙයි
9:38am on Tuesday 9th December 2014
ශ‍්‍රී ලංකාවේ විශාලතම සති පොළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් පසුගියදා ඇඹිලිපිටියේදී විවෘත කෙරිණි.

මෙම සති පොළ සංකීර්ණය විශාල අංගන තුනකින්ද තට්ටු දෙකේ ගොඩනැගිලි හතිරකින් සමන්විත වන අතර එය වෙළඳ කුටි 64 කින් සමන්විත වේ. 700 කට ආසන්න වෙළඳුන් ප‍්‍රමාණයකට මෙමගින් පහසුකම් සැලසෙන අතර ප‍්‍රධාන මාර්ගයේ සිට ඉතා පහසුවෙන් මෙයට ලඟාවිය හැක.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද අතර වසරකුත් මාස පහක පමණ ඉතා කෙටි කාලයකදි ඉදිකිරීම් නිම කරන ලදී. නිළධාරීන් දෙදෙනෙකු සහ ගුවන් භටයින් 260 දෙනෙකු පමණ මෙම ඉදිකිරීම් කටයුතු වල නිරත වූ අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ විසින් ඉදිකරීම් කටයුතු අධීක්‍ෂණය කරන ලදී.

විවිධ ආගමික පූජක උතුමන්ලා, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, පලාතේ ආණ්ඩුකාර හා ප‍්‍රධාන අමාත්‍යතුමන්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදා හා නාවික හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි