ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම් චීන වරාය සහ පෙරාරු කදවුරු වල සංචාරයක
5:48pm on Tuesday 11th May 2010
ගුවන් හමුදා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ සහ පෙරාරු ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශී මූලයේ සංචාරයක නිරත විය. දේශීය මෙන්ම විදේශීය තරග අත්දැකීම් ලත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම කදවුරු වල වොලිබෝල් ක්‍රීඩකයන් සමග ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරග කිහිපයක නිරත විය.

වොලිබෝල් කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩයම මැයි මස 07 දින සිට මැයි මස 10 වන
දින දක්වා මෙම කදවුරු වල ක්‍රීඩකයින් සමග ක්‍රීඩා කරමින් තම අත්දැකීම් සහ මෙම ක්‍රීඩාව පිළිබද දැනුම ඔවුන් වෙත ලබා දුන්හ.

ජාතික තලයේ තරග කරුවන්ගෙන් සපිරි ගුවන් හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමේ සුවිශේෂී භාග්‍ය මෙම කදවුරුවල සිටින වොලිබෝල් ක්‍රීඩකයින්ට ලැබුණු අතර වොලිබෝල් ක්‍රීඩාව පිළිබද දක්වන උනන්දුව වැඩි කර ඒ තුලින් ගුවන් හමුදාවේ වොලිබෝල් ක්‍රීඩාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.

ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම් චීන වරාය සහ පෙරාරු කදවුරු වල සංචාරයකගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම් චීන වරාය සහ පෙරාරු කදවුරු වල සංචාරයකගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම් චීන වරාය සහ පෙරාරු කදවුරු වල සංචාරයකගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම් චීන වරාය සහ පෙරාරු කදවුරු වල සංචාරයකගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම් චීන වරාය සහ පෙරාරු කදවුරු වල සංචාරයක

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි